ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 19-09-2019 | 6:05 AM

දේශීය පුවත්

1.ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා – මැතිවරණ කොමිෂන් සභාව: එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනි දා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 2. නෙළුම් කුළුණේ ගසා කෑම ගැන මහින්ද දුන් පිළිතුර: නෙළුම් කුළුණේ ඉදිකිරීම් සඳහා රුපියල් බිලියන 2ක මුදලක් ගෙවා ඇත්තේ එලිට් සමාගමට නොව චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික් කෝපරේෂන් සමාගමට බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 3. හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි: එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත විය. 4. කිංග්ස්බරි බෝම්බකරුගේ හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට අධිකරණ නියෝගයක්: අප්‍රේල් 21 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ සිරුරු කොටස් භාර ගැනීම ඔහුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

විදෙස් පුවත්

5. සෞදියට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා නිරිතදිග ඉරානයෙන් පැමිණ ඇතැයි, අමෙරිකාව කියයි: සෞදි අරාබියේ බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා සහ කෘස් මිසයිල, ඉරානයේ නිරිතදිග ප්‍රදේශයෙන් එවා ඇතැයි අමෙරිකාව පවසයි.