කුඩු රොෂාන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

කුඩු රොෂාන් ඇතුළු පිරිස ලබන මස 3 වැනි දා තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 19-09-2019 | 11:37 AM

COLOMBO (News 1st) - කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 3 වැනි දා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. අද පැවැත්වීමට නියමිතව තිබූ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුව ද එදිනට කල් දැමුණි. සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසළදී තියුණු ආයුධවලින් පහරදී ආනමාලු රංගා නමැත්තා ඇතුළු පුද්ගලයින් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙනි.