කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්ෂක හමුවට

by Staff writer 19-09-2019 | 11:22 AM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මොහොමඩ් නජිඩ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් රජයේ රස පරීක්ෂකවරයා හමුවට රැගෙන විත් තිබේ.

ඒ, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගයකට අනුව ඔහුගේ කටහඬ සාම්පල ලබා ගැනීම සඳහායි. කංජිපානි ඉම්රාන් විදේශගත ව සිටියදී දුරකතන මාර්ගයෙන්, පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජනය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවකට අදාළව එම කටහඬ සාම්පල ලබාගනු ඇති.