by Staff writer 19-09-2019 | 3:49 PM
COLOMBO (News 1st) : ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 6. 30 ට පමණ අංක තහඩු නොමැති සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු පැහැරගෙන ගොස් ඇති බවයි.
දරුවන් පාසලට දමා යතුරු පැදියකින් නිවස බලා යමින් සිටියදී බෙරලපනාතර සති පොළ ඔහු එලෙස පැහැරගෙන ගොස් තිබිණ.
ඔහු බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ද වේ.
45 හැවිරිදි ඔහු, වැවිලි කේෂත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති.