ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා භාරයට

උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා භාරයට

by Staff writer 19-09-2019 | 12:29 PM

COLOMBO (News 1st) - උතුරු මුහුදු සීමාවේ නීති විරෝධි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, ධීවර කටයුතු සඳහා යොදා ගත් ට්‍රෝලර් යාත්‍රාවක් ද සිය භාරයට ගත් බවයි. උතුරු නාවික විධානය මගින් කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදී සැකකාර ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදාව සඳහන් කළේ, ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට නියමිත බවයි.