දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

දුම්රිය වෘත්තීය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ

කර්තෘ Staff writer

19 Sep, 2019 | 3:32 pm

COLOMBO (News 1st) : ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඒ දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් අයකර ගැනීමට දුම්රිය පාලනාධිකාරිය ගත් තීරණයට විරෝධය පළ කරමිනි.

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා දුම්රිය නියාමකවරු, රියදුරුවරුන්, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් එක්වන බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]