හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 18-09-2019 | 4:13 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතීන් සඳහන් කළේ, රෝගාතූරව සිටි ඒ මහතා අද පෙරවරුවේ කරවනැල්ල මූලික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව ය. මිය යන විට 73 වන වියෙහි පසු වූ ඒ මහතා 2007 වසරේ සිට 2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.