හංවැල්ලේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගැනේ

හංවැල්ලේ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගැනේ

by Staff writer 18-09-2019 | 2:25 PM

COLOMBO ( News 1st ) -  හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තැබීම සදහා යොදාගත් බවට සැකකෙරෙන ගිනි අවියක් සොයා ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නවගමුව සමගි මාවත ප්‍රදේශයේ සඟවා තිබිය දී විදෙස් රටක නිෂ්පාදිත මිලිමිටර් 9 වර්ගයේ ගිනි අවියක් එලෙස සොයා ගෙන ඇති බව ය. පසුගිය 15 වනදා හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු වූ අතර එහිදී එක් අයෙකු ජිවිතක්ෂයට පත් විය. සිද්ධියට අදාළව මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.