සරසවි අනධ්‍යයන සේවකයින් විරෝධතා පා ගමනක

සරසවි අනධ්‍යයන සේවකයින් විරෝධතා පා ගමනක

by Staff writer 18-09-2019 | 11:44 AM

COLOMBO ( News 1st ) - තම ඉල්ලීම් වලට මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් මේ වන විට විරෝධතා පා ගමනක නිරත වේ.

කොළඹ නෙළුම් පොකුණ රඟහළ අසලින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන වෝඩ් පෙදෙසෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ගමන් කිරීමට නියමිත ය. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තම වැටුප් ගැටළුවලට විසදුම් ලබා දෙන්නැයි ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට මේ වන විට දින 9ක් ගතව ඇතැත් බලධාරීන් ඊට විසදුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.