විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට

විදුලිබල අමාත්‍යංශ ලේකම් ජනාධිපති කොමිසම හමුවට

by Staff writer 18-09-2019 | 7:33 AM
COLOMBO (News 1st) : විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා වත්මන් රජයේ වංචා හා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබේ. ඒ විදුලි බල මණ්ඩලයට අතිරේක විදුලි ධාරිතාවක් මිලදී ගැනිමේදී හා ඉන්ධන ලබා ගැනීමේදී සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි. මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ සභාපති කේ. ඒ. සෝමසිරි මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද දිනයේ කැඳවා තිබිණ. ඔහු ද සාක්ෂි ලබා දෙන්නේ විදුලිය මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ල සඳහායි. අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කැබිනට් පත්‍රිකාවකට කළ නිරීක්ෂණයක් මුල් කර ගනිමින් ජනාධිපති කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර තිබේ. එහි පෙන්වා දී ඇත්තේ මෙම අක්‍රමිකතා හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 20 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.