ලොව පුරා කෘතිම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට

ලොව පුරා කෘතිම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට - සමීක්ෂණවලින් හෙළි වේ

by Staff writer 18-09-2019 | 3:15 PM

COLOMBO ( News 1st ) - ලොව පුරා අයිස් වැනි සින්තටික් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, ලෝකයේ රටවල් රැසක ආරක්ෂක නිලධාරීන් වෙන් වෙන් වශයෙන් කළ විශ්ලේෂණවලින් ඒ බව හෙළි වූ බව ය. මේ අතර අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හා ජාවාරම්කරුවන් වෙනුවෙන් මෙරට දී හිමි වන දඩුවම් දැඩි කිරීමට අවශ්‍ය නිතී සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. ඊට අදාළ කටයුතු මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වේ. මුහුදු මාර්ග ඔස්සේ මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාවාරම වැඩි වශයෙන් ධීවර කටයුතු මුවාවෙන් සිදු වන බව අනාවරණ වී තිබේ.