දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් වැසි

දිවයිනේ නිරිතදිග කොටසට තවදුරටත් වැසි

by Staff writer 18-09-2019 | 6:58 AM

COLOMBO ( News 1st ) - දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි කාලගුණ තත්ත්වය පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක මෙනවිය පවසන්නේ, අද දින බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ , මධ්‍යම පළාත්වලත් එමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක. සබරගමුව, දකුණු, මධ්‍යම පළාත්වලත් කළුතර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 50ට තරමක වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. ඌව පළාතේත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක. ගිඟුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම රත්නපුර නුවරඑළිය හා කළුතර දිස්ත්‍රික්කවලට පැන වූ  නායයාම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි නායයාම් අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, නායයාම් ලක්ෂණ දුටුවහොත් එම ප්‍රදේශවලින් ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බව ය.