ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා

ජනාධිපතිවරණය නොවැම්බර් 16 වෙනිදා - මැතිවරණ කොමිෂන් සභාව

by Staff writer 18-09-2019 | 6:31 PM

COLOMBO (News 1st): එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පවත්වන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ජනාධිපතිවරණය සඳහා වන නාමයෝජනා කැඳවීමේ දිනය ලබන මස 07 වනදා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ය. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.