ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 18-09-2019 | 6:14 AM

දේශීය පුවත්...

1. ජනපති පුටුවට කුරුමානම් අල්ලන කරු: ජනාධිපති අපේක්ෂකයෙකු වීමට ඇති සූදානම ගැන පැහැදිලි කරමින් කථානායක කරු ජයසූරිය මහතා අද නිවේදනයක් නිකුත් කළේ ය. 2. බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට: බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අමරසිරි නාරංගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. 3. හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ OIC ඇතුළු නිලධාරින් 8කගේ වැඩ තහනම් : හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. 4. කංජිපානි ඉම්රාන් ලබන 01 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග : සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි කියන මොහොමඩ් නජීඩ් මොහොමොඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා ලබන 01 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද නියෝග කළා ය. 3. පූජිත්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම නොවැම්බර් 13 වන දා : අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන නොවැම්බර් මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

විදේශ පුවත්...

1. “ඉරානය සමග යුද වැදීමට අවශ්‍ය නැහැ..” – ජනපති ට්‍රම්ප් : සෞදි අරාබියට එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බව විශ්වාස කරන නමුත් ඉරානය සමඟ යුද වැදීමට අවශ්‍ය නැතැයි, අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි.