කිංග්ස්බරි බෝම්බකරු ගැන අධිකරණය දුන් තීන්දුව

කිංග්ස්බරි බෝම්බකරුගේ හිස බොරැල්ල කනත්තේ වළ දැමීමට අධිකරණ නියෝගයක්

by Staff writer 18-09-2019 | 3:56 PM

COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 වන දින කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ගේ සිරුරු කොටස් භාර ගැනීම ඔහුගේ ඥාතීන් ප්‍රතික්ෂේප කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, අදාළ සිරුරු කොටස් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දෙන ලෙසට ය. එම සිරුරු කොටස් බොරැල්ල කනත්තේ මිහිදන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම්වරයාට නියෝග කළේ ය. බොරැල්ල ප්‍රදේශය භාර ග්‍රාම සේවා නිලධාරීවරයාට අධිකරණය නියෝග කර සිටියේ, එම මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුරු කොටස් මිහිදන් කිරීමේ කටයුතු පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ය.