කැලණිවැලි  මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 18-09-2019 | 7:53 AM

COLOMBO ( News 1st )  -  අවිස්සාවේල්ල සහ පුවක්පිටිය අතර දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඒ හේතුවෙන්නේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට තරමක බාධා මතුව ඇති බවයි. අවිස්සාවේල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය 3ක් ප්‍රමාද වී ධාවනය වන බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය. පාලක මැදිරිය පැවසුවේ, දුම්රිය පීලිගත කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා ඇති බවයි.