ඊශ්‍රායාල මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

ඊශ්‍රායාල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රහකයෙකු දැකගත නොහැකි වනු ඇතැයි, මත විමසුම් හෙළි කරයි..

by Staff writer 18-09-2019 | 9:54 AM

COLOMBO ( News 1st ) - ඊශ්‍රායාල මහ මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙකු දැකගත හැකි නොවනු ඇතැයි මැතිවරණ මත විමසුම් පෙන්වා දෙයි. 

එම මත විමසුම් පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ  ලිකුද් පක්ෂය ආසන 30ත් 33ත් අතර සංඛ්‍යාවක් ජයගනු ඇති බව ය. ඊට සාපේක්ෂව නිල් සහ සුදු සන්ධානයේ බෙනී ගාන්ට්ස් දිනාගනු ඇතැයි මත පළවන්නේ ආසන 32ත් 34ත් අතර සංඛ්‍යාවකි. මාස පහක් ඇතුළත ඊශ්‍රායාලය තුළ පැවැත්වෙන දෙවන මහ මැතිවරණය මෙය වන අතර, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම මැතිවරණය කැඳවූයේ රාජ්‍ය පාලනය සඳහා සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොත්වීමෙන් පසුව ය. අද මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඇරඹීමට නියමිත බව ඊශ්‍රායාල බලධාරීන් සඳහන් කළේ ය. මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු දුෂ්කර වූවත් නව අවස්ථා සහ අභියෝගවලට මුහුණදීමට අපේක්ෂා කරන බව මැතිවරණයෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ ය. ඔහුගේ ප්‍රතිවාදී බෙනී ගාන්ට්ස් කියා සිටියේ, ප්‍රතිඵල නිකුත්වන තෙක් මගබලා සිටින නමුත් දැනටමත් සිය මෙහෙයුම සාර්ථක බව පෙනීයන බව ය.