අම්පාරේ ඉඩමකින් ටී 56ක් හා පුපුරණ ද්‍රව්‍ය සොයාගනී

අම්පාරේ ඉඩමක වල දමා තිබූ ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගැනේ

by Staff writer 18-09-2019 | 12:50 PM

COLOMBO ( News 1st ) - අම්පාර පාලමුනේ ප්‍රදේශයේ ඔළුවිල් වරායට යන මාර්ගය අසල ඉඩමක වල දමා තිබිය දී ටී 56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගෙන තිබේ.

මේ අතර ටී 56 ගිනි අවියක්, සජීව පතුරම් 30ක්, මැගසින් 1ක්, ඩෙටනේටර් 7ක්, ජෙලට්නයිට් කූරු 4ක්, වයර් රෝලක්, යූරියා ඇමෝනියා ඇතුළු තවත් දේපළ රැසක් මෙලෙස සොයාගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව ය. අම්පාර කොට්ඨාසය භාර නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ෂණ කටයුතු සිදුකරයි.