මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්

අපේක්ෂකයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නැයි, පක්ෂවලට දැනුම්දීමක්

by Staff writer 18-09-2019 | 6:43 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීමේදී අපේක්ෂකයාගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික මැතිවරණ කොමිසම සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේ ය. ඒ ඊයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සමග රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීයි. එහිදී ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලේදී මැතිවරණ නීති උල්ලංඝනය නොවන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මැතිවරණ කොමිසම අවධාරණය කර තිබේ. විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමේදී සෙසු අපෙක්ෂකයින්ට අගතියක් නොවන ලෙස කටයුතු කළ යුතු බව ද මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ.