අනධ්‍යන වර්ජනයට අදට දින 9යි

අනධ්‍යන වර්ජනයට අදට දින 9යි

by Staff writer 18-09-2019 | 8:49 AM
COLOMBO (News 1st) : විශ්විද්‍යාල අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයට අදට දින 9ක් ගතවී තිබේ. එහෙත් තම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා මෙතෙක් විෂය භාර අමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා කිසිදු මැදිහත් වීමක් සිදු නොකළ බවට ඔවුහු චෝදනා කළහ. විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම්බන්ධීකරණ ලේකම් සම්පත් උදයංග මහතා සඳහන් කළේ තම වැටුප් ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා අද දිනයේ විරෝධතාවක් ද පැවැත්වෙන බවයි.