අතුරුදන් වූ නිවුන් දැරියන් දෙදෙනා සොයා ගනී

අතුරුදන් වූ හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලෙන් සොයා ගනී

by Staff writer 18-09-2019 | 9:19 PM
COLOMBO (News 1st) - පසුගිය 13 වන දා සිට අතුරුදන්ව සිටි හික්කඩුව ප්‍රදේශයේ නිවුන් සොහොයුරියන් දෙදෙනා අද පස්වරුවේ මාවනැල්ල පොලීසිය භාරයට ගෙන තිබේ. ඒ, ඔවුන් දෙදෙනා මාවනැල්ල දනාගම ප්‍රදේශයේ නිවසක සිටින බවට 119 දුරකතන අංකයට ලද තොරතුරක් අනුව ය.