by Staff writer 17-09-2019 | 5:09 PM
COLOMBO (News 1st) - බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අමරසිරි නාරංගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී රිවෝල්වරයක් පෙන්වා මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පොලීසිය ප්‍රකාශ කළේ, සැකකාර සභාපතිවරයා අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව ය.
ඔහු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.