UPDATE: දෙමටගොඩ, ආරාමය පාරේ නිවාස සංකීර්ණයක හටගත් ගින්න මැඩපවත්වයි

by Staff writer 17-09-2019 | 3:19 PM
COLOMBO (News 1st) UPDATE: දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්න මැඩපවත්වා තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, නිවාස සංකීර්ණයේ 5 වන මහලේ ගින්න හටගත් බව ය. ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ තුනක් යොදා ගත් බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. ගින්නට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- දෙමටගොඩ, ආරාමය පාරේ නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් සේවා රථ 3ක් පිටත් කර යැවූ බව ය. ගින්නට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.