තවත් වටිනා ජීවිතයක් වනඅලියාට බිලි

තවත් වටිනා ජීවිතයක් වනඅලියාට බිලි

by Staff writer 17-09-2019 | 11:11 AM
COLOMBO (News 1st) : මැදවච්චිය, තරණගොල්ලෑව වැව් බැම්ම මතදී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු අද අලුයම සිය සහෝදරයෙකු සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇති බවයි. එලෙස මිය ගොස් ඇත්තේ, 37 හැවිරිදි පුද්ගලයෙකි.