"අපේක්ෂකයා ගැන ඉක්මනින් තීන්දුවකට එළැඹිය යුතුයි"

"ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මනින් තීන්දුවකට එළැඹිය යුතුයි" - සජිත් ප්‍රේමදාස

by Staff writer 17-09-2019 | 10:31 AM
COLOMBO (News 1st) : ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුගමනය කරමින් එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවකට එළැඹීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නි. නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නියෝජ්‍ය නායකවරයා මේ බව පැවසුවේ, එකසත් ජාතික පක්ෂ ජ්‍යෙෂඨයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී පැවති මාධ්‍ය හමුවේදීයි. එජාප ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බව ද නියෝජ්‍ය නායකවරයා එහිදී පැවසී ය. මනුෂ්‍යත්වයේ නාමයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළැඹුණ ද කිසිදු දේශපාලන පක්ෂයක කොන්දේසිවලට යටත් වීමට තමා සූදානම් නොමැති බව ද නියෝජ්‍ය නායකයා මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේ ය. https://www.youtube.com/watch?v=EjZZ-NlpuAU