ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීමක්

ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීමක්

by Staff writer 17-09-2019 | 9:28 AM
COLOMBO (News 1st) : ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩිකාවක් පොළඹවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා වී තිබේ. අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දීය සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැති ක්‍රිකට් තරගාවලියේදීයි. රාකේෂ් බෆ්නා සහ ජිතෙන්ද්‍ර කොතාරි නම් වූ පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක් මුදලට තරග පාවාදීම සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කළ බවට වාර්තා වේ. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල දූෂණ මර්දන ඒකකය පවසන්නේ ඊට අදාළව බැංගලෝර් පොලීසියට පැමිණිල්ලක් සිදු කළ බවයි. අදාල තැරැව්කරුවන් දෙදෙනා සමග සිදු කළ දුරකථන සංවාදයක පටිගත කළ හඬ පටයක් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාවක් එරට ක්‍රිකට් පාලක මණ්ඩල දූෂණ මර්දන ඒකකට ලබා දීමෙන් අනතුරුව මෙම කරුණු අනාවරණය වී තිබේ. කෙසේ නමුත් අදාළ සිදුවීමට මුල් වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.