හංවැල්ලේ වෙඩි තැබීම : සැකකරුවන් 2ක් අත්අඩංගුවට

හංවැල්ලේ වෙඩි තැබීම : සැකකරුවන් 2ක් අත්අඩංගුවට

by Staff writer 16-09-2019 | 11:24 AM
COLOMBO (News 1st) : හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සිද්ධියට අදාළ යතුරු පැදියක් හා වෑන් රථයක් සොයා ගෙන ඇති බවයි. හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබී ය. සිද්ධියෙන් මියගියේ රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචි සුරේෂ් රුවන්ත ගුණසිංහ නමැති 23 හැවිරිදි පුද්ගලයෙකි. පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජාතික රෝහලේ සහ අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවූ ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.