හෙරොයින් ජාවාරමට සම්බන්ධ බෝට්ටු හිමිකරු රිමාන්ඩ්

බේරුවලදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස රිමාන්ඩ්

by Staff writer 16-09-2019 | 4:51 PM

COLOMBO ( News 1st ) - බේරුවල මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක ප්‍රමාණයක් බෝට්ටු මගින් මෙරටට ප්‍රවාහනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටින බෝට්ටු හිමිකරු ඇතුළු සැකකරුවන් 08 දෙනා ලබන 20 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළදීම එම නඩුවේ දෙවන සැකකාර මෙහොමඩ් ෆර්සාන් නැමැත්තාට සිම් කාඩ්පත් 09 ක්, දුම්කොළ හා කුඩා ඔරලෝසුවක් අඩංගු පාර්සලයක් රහසිගතව ලබා දුන් සැකකරුවෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. බන්ධනාගාර නියාමකවරයෙකුගේ විමසිලිමත්භාවය නිසා අත්අඩංගුවට ගත් එම පුද්ගලයා රඳවා ගෙන ඔහුගෙන් හා දෙවන සැකකරුගෙන් ප්‍රශ්න කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී කෙසෙල්වත්ත පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබේ.