පොළොන්නරු ඩිපෝ සේවකයින් වර්ජනයක

පොළොන්නරුවේ ලංගම ඩිපෝ සේවකයින් වර්ජනයක

by Staff writer 16-09-2019 | 4:30 PM

COLOMBO (News 1st) - ලංකා ගමනාගමන මණ්ඩලයට‍ අයත් පොළොන්නරුව ඩිපෝවේ සියලු සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

අද උදෑසන සිට ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ, වැඩි කළ වැටුප් දීමනාව වහා ලබා දෙන්නැයි ඉල්ලමිනි. අප වාර්තාකරු පැවසුවේ, පොළොන්නරුව ඩිපෝවට අයත් කිසිදු කෙටි සහ දිගු දුර බස් රථයක් අද දි‍නයේ ධාවනය නොවූ බවයි. සිය ගැටලුවට විසඳුමක් ලබා දෙන තෙක් අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක බව ඔවුන් පැවසූහ.