ප්‍රදේශ රැසකට මහ වැසි..

ප්‍රදේශ රැසකට මහ වැසි... දිස්ත්‍රික්ක කිහිපයක නායයාමේ අවදානමක්

by Staff writer 16-09-2019 | 7:29 AM

COLOMBO ( News 1st ) - බස්නාහිර, සබගරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අධික වැසි සහිත තත්ත්වය සමග රත්නපුර, කෑගල්ල, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව ද ඔහු පැහැදිලි කළේ ය. ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ගල් පෙරලීමෙන් අවදානමක් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රදේශයෙන් පුද්ගලයින් 88 ක් ඉවත් කර ඇති බවයි. පවතින වර්ෂාවත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/467869280473954/