ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-09-2019 | 9:02 AM

දේශීය පුවත්

1. හංවැල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයයි – දෙදෙනෙකු රෝහලේ : හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. 2. දක්ෂිණ අධිවේගයේ වාහන 6ක් එකිනෙක ගැටෙයි: දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ආසන්නයේදී වාහන 6 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. 3. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් : ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 64 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. 4. දෙමටගොඩ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල : දෙමටගොඩ මහවිල පටුමග, සමන්ත වත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ පෙරවරු 8. 45 ට පමණ සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 5. වැසි තත්ත්වය තවදුරටත්… : දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විදෙස් පුවත්...

1. ප්‍රහාර එල්ල වූ සෞදියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානවල මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවයි : ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ මධ්‍යස්ථාන දෙකේ ගෑස් සහ ඉන්ධන පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සෞදි අරාබිය පවසයි.