කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවෙයි

by Staff writer 16-09-2019 | 8:30 AM
COLOMBO (News 1st): කොළඹ, කොටහේන ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යටවීම හේතුවෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව ඇතැයි පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අදාළ මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙන්නේ, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. මේ සඳහා වත්තල දෙසින් පැමිණෙන වාහන මට්ටක්කුලිය හා මෝදර දෙසින් කොටුව දෙසට ගමන් කිරීමට හැකියාව පවතී. පෑලියගොඩ ප්‍රදේශයෙන් පැමිණෙන වාහන බේස්ලයින් මාර්ගයේ බොරැල්ල දෙසට හා ඉන් ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ඇත.