STF මගහැර පළා ගිය පිරිසකට යාපනයේදී වෙඩි

STF මගහැර පළා ගිය වැලි ජාවාරම්කරුවන් පිරිසකට යාපනයේදී වෙඩි

by Staff writer 15-09-2019 | 12:16 PM

COLOMBO (News 1st) - යාපනය අරියාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, වැලි ජාවාරම්කරුවන් පිරිසක් ට්‍රැක්ටර් රථයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ යතුරුපැදි කණ්ඩායමක් යට කර පළා යාමට තැත් කළ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු කළ බවයි. එහිදී ට්‍රැක්ටරයේ ගමන් ගත් අයෙකු පාදයකට වෙඩි වැදී ඇත. වැලි ට්‍රැක්ටරයේ හප්පාගෙන යාමෙන් පොලිස් විශේෂ කාර්ය බලකා යතුරුපැදි සමාජිකයෙකු ද තුවාල ලබා රෝහල්ගත කළ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ට්‍රැක්ටර් රථය සිය භාරයට ගත් බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලියක් ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරුක් මත පොලිස් විශේෂ කාර්ය බලකා යතුරුපැදි කණ්ඩායමක් එම ප්‍රදේශයේ කළ මුර සංචාරයක් අතරතුර මෙම සිදුවීම සිදු ව තිබේ.