හංවැල්ලේ වෙඩි තැබීමක් - පුද්ගලයෙකු මරුට

හංවැල්ල වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියයයි - දෙදෙනෙකු රෝහලේ

by Staff writer 15-09-2019 | 10:03 PM

COLOMBO ( News 1st ) - හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට ජාතික රෝහලේ සහ අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. ඊයේ රාත්‍රී 9.15ට පමණ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ 23 හැවිරිදි පුද්ගලයෙකු නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගියේ ය. තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර පොලීසිය පැවසුවේ, අනන්‍යතාව හෙලි නොවූ තවත් අයෙකු අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.