වැසි තත්ත්වය තවදුරටත්...

වැසි තත්ත්වය තවදුරටත්...

by Staff writer 15-09-2019 | 9:18 AM

COLOMBO (News 1st) - දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි. සෙසු පළාත්වල පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙති.