වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු වාර්තාව

රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වැටුප් විෂමතා ගැන වාර්තාව අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට

by Staff writer 15-09-2019 | 7:18 AM

COLOMBO (News 1st) - රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු වාර්තාව ලබන අඟහරුවාදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, ගැටලුවට විසඳුම් යෝජනා ඉදිරිපත්ව තිබියදී පසුගියදා රාජ්‍ය පරිපාලන නිලධාරීන් කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි.