රජයේ ඉඩම්වල ඇති රාජ්‍ය ආයතන 10,000කට ඔප්පු නැහැ

රජයේ ඉඩම්වල ඇති රාජ්‍ය ආයතන 10,000කට ඔප්පු නැහැ

by Staff writer 15-09-2019 | 1:58 PM

COLOMBO ( News 1st )  - රජයේ ඉඩම්වල ඉදිකර ඇති රාජ්‍ය ආයතන දස දහසකට අධික සංඛ්‍යාවකට මෙතෙක් ඔප්පු ලබාගෙන නොමැති බව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළේ, එම ඉඩම් සඳහා විධිමත් ඔප්පු ප්‍රදානය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි. මෙම වසර දෙක තුළ පමණක් එවැනි ඔප්පු 300 ක් ලබාදුන් බව ඇය සඳහන් කළේ ය. මේ අතර රජයේ ඉඩම්වල ඉදිකර ඇති විහාරස්ථාන 600ක් සඳහා ද විධිමත් ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි. චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කළේ, මේ වනවිටත් එවැනි විහාරස්ථාන 425ක් සඳහා විධිමත් ඔප්පු ලබා දී ඇති බවයි.