මාස 8ක් තුළ බීමත් රියැදුරන් 56,478ක් අත්අඩංගුවට

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව

by Staff writer 15-09-2019 | 4:11 PM

COLOMBO ( News 1st ) - මෙම වසරේ ගත වූ කාලය තුළ බීමත් රියදුරන් 56,478 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ දිනය තුළ පමණක් එවැනි රියදුරන් 252 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ය. සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලීසිය සඳහන් කළේ ය. වසරේ පළමු මාස 6 තුළ බීමත් රියදුරන් 42139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ජූලි මාසය තුළ දී පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7406 කි. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.