"පක්ෂ සමාජිකත්ව තහනමට එරෙහිව අධිකරණයට යනවා" - එස්. බී. දිසානායක

by Staff writer 15-09-2019 | 7:08 AM

COLOMBO (News 1st) - පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ මහනුවර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිසකි. මෙලෙස පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් ඩිලාන් පෙරේරා, එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ හා පොදුජන පෙරමුණට සහය දක්වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේයි. පක්ෂ සාමාජිකත්වය තහනම් කළ සෙසු මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන විජිත් විජේමුණි සොයිසා හා ඒ.එච්.එම් ෆවුසි යන මහත්වරුන් ය.