ගෑස් සිලින්ඩරයක් පුපුරයි:කාන්තාවන් දෙදෙනෙකු රෝහලට

දෙමටගොඩ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල

by Staff writer 15-09-2019 | 10:23 AM

COLOMBO (News 1st) - දෙමටගොඩ මහවිල පටුමග, සමන්ත වත්ත ප්‍රදේශයේ නිවසක අද පෙරවරු 8. 45 ට පමණ සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, නිවසේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් එම කාන්තාවන් දෙදෙනා තුවාල ලබා ඇති බවයි. ඔවුන් අවුරුදු 65 සහ 64 යන වයස්වල පසුවන දෙදෙනෙකි. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.