නෙළුම් කුළුණ හෙට සිට විවෘතයි

දකුණු ආසියාවේ උසම කුළුණ හෙට විවෘත කෙරේ

by Staff writer 15-09-2019 | 10:10 AM

COLOMBO (News 1st) - දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 350 ක් පමණ උසකින් සමන්විතය. මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 කි. ඉන් 80 % ක් චීනයෙන් ණය ආධාර යටතේ ඉදිකර තිබේ. සුපිරි අවන්හල්, හෝටල්, ශ්‍රවණාගාර, රැස්වීම්ශාලා ආදී පහසුම්වලින් නෙළුම් කුළුණ සමන්විතය. මේ අතර නෙළුම් කුළුණ විවෘත කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ප්‍රකාශ කළේ, රුපියල් 45.00 ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් ද හෙට නිකුත් කරන බවයි.