උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

by Staff writer 15-09-2019 | 5:37 PM

COLOMBO ( News 1st ) - පීලිපැනීමට ලක් වූ යාපනය - බෙලිඅත්ත දුම්රියේ එක් බලවේග කට්ටලයක් කොළඹ බලා ධාවනය කිරීමට පියවර ගෙන ති‌බේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, බලවේග කට්ටල දෙකකින් යුත් දුම්රියේ එක් බලවේග කට්ටලයක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බව ය. මේ අතර දුම්රිය පීලිපැනීමට ලක්වීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබේ. අද පස්වරු 1.35ට පමණ එම දුම්රිය පිලිපැනීමකට ලක්විය.