'අදිසි නදිය' කෘතියට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවෙයි

'අදිසි නදිය' ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 15-09-2019 | 9:29 AM

COLOMBO (News 1st) - කපිල කුමාර කාලිංග මහතා විසින් රචිත 'අදිසි නදිය' කෘතිය 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය.

සම්මාන උළෙල ඊයේ පස්වරුවේ පැවැත්වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වාර්ෂිකව ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සංවිධානය කරන්නේ සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශක උත්තමාචාරය නමිනි. මෙවර සම්මාන උළෙල සඳහා ඉදිරිපත්ව තිබූ නවකතා ගණන 117 කි. කපිල කුමාර කාලිංගගේ අදිසි නදිය, පූජ්‍ය බටුවන්ගල රාහුල හිමියන්ගේ භූමි, ශමෙල් ජයකොඩිගේ වීනස්ගේ උපත, කත්‍යානා අමරසිංහගේ ධරණී සහ දීප්ති මංගලා රාජපක්ෂගේ අව පෑළවිය යන නවකතා මෙවර අවසන් වටයට තේරී පත්ව තිබුණි.