ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3ක් අත්අඩංගුවට

හොරගොල්ලේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑ 3 දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 14-09-2019 | 3:24 PM

COLOMBO ( News 1st ) - ඉන්ධන පිරවුම්හලක් කොල්ල කෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු නිට්ටඹුව, ඔචර්ට්වත්ත ප්‍රදේශයේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් ද සිය භාරයට ගත් බවයි. අප්‍රේල් මාසයේ දිනක හොරගොල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට රාත්‍රියේ ඇතුළු වී එහි මුදල් තැන්පත් කර තිබූ කාමරයේ දොර කඩා රුපියල් 450,000ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වේ. සැකකරුවන් කොල්ල කෑම සඳහා යොදා ගත් මුහුණු ආවරණ, කළු පැහැති ජැකට්, අත් ආවරණ සහ යකඩ පට්ටමක් ද පොලිස් භාරයට ගෙන තිබිණි. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නිට්ටඹුව පොලීසියට භාර දීමට නියමිත ය.