හලාවත මහ රෝහලේ සිදු වූ මරණ 2ක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

by Staff writer 14-09-2019 | 10:06 PM
COLOMBO (News 1st) - හලාවත මහ රෝහලේ පැය 48ක් තුළ සිදු වූ මරණ 2ක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන බව හලාවත රෝහලේ පාලන අධිකාරිය ප්‍රකාශ කරයි. පසුගිය 11 වන දා රාත්‍රියේ හලාවත මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ වයස අවුරුදු 37ක දෙදරු පියෙකු ‍අසනීප තත්ත්වයෙන් ඇතුළත් කෙරුණේ නාසයෙන් සහ මුඛයෙන් ලේ වහනය වීම හේතුවෙනි. අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු සීටී. ස්කෑන් පරීක්ෂණයට යොමු කිරීමට නියම ‍කර තිබේ. අදාළ පරීක්ෂණය සදහා සීටී. ස්කෑන් යන්ත්‍රයක් හලාවත මහ රෝහලේ තිබුණත් අවශ්‍ය කාර්ය මණ්ඩලය එම අවස්ථාවේ රෝහල තුළ නොසිටීම හේතුවෙන් ජාතික රෝහල වෙත රෝගියා මාරු කිරීමට සිදුව තිබේ. එහිදී රෝගියා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවෙන්නේ සාත්තු ‍සේවිකාවක් සමග ය. කොළඹ ජාතික රෝහලට යොමු කිරීමට පෙර අදාළ රෝගියා මිය ගිය බව ඥාතීහු පවසති. මේ අතර ඊයේ අලුයම මාදම්පේ ප්‍රදේශයේ 26 හැවිරදි තරුණයෙකු හලාවත රෝහලට ඇතුලත් කර තිබුණේ උදරයේ රෝගි තත්ත්වයක් හේතුවෙනි. ඔහුට ද නිසි ප්‍රතිකාරයක් රෝහලෙන් නොකළ බවට ඥාතීහු චෝදනා කරති.