සෞදි ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 2 කට ගුවන් ප්‍රහාර

සෞදි ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 2 කට ගුවන් ප්‍රහාර

by Staff writer 14-09-2019 | 2:04 PM

( News 1st ) - සෞදියේ ප්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 2කට ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, සෞදි රාජ්‍යයේ ඉන්ධන සමාගමට අයත් ඇබ්කයික් සහ කෘයිස් ප්‍රදේශවල පිහිටි පිරිපහදු මධ්‍යස්ථානවලට එලෙස ප්‍රහාර එල්ල වී ඇති බව ය. ඩ්‍රෝන ප්‍රහාර එල්ල වීමත් සමග මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන තුළ දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. මේ වනවිට ගින්න පාලනය කර ඇතැයි, සෞදි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ය. යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැක පළ වේ.