වැල්ලවත්තේදී දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

වැල්ලවත්තේදී දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

by Staff writer 14-09-2019 | 3:06 PM

COLOMBO ( News 1st ) - වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී කාන්තාවක මිය ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, අද පෙරවරුවේ ගල්කිස්ස සිට කන්කසන්තුරය බලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියක ඇය ගැටී ඇති බව ය. අනතුරින් මිය ගොස් ඇත්තේ, 29 හැවිරිදි අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකාරියකි.