COLOMBO ( News 1st ) - තම පවුලේ කිසිදු ඥාතියෙකු රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ කර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සැමට සෙවණ වැඩසටහන යටතේ ඉදිකෙරුණු 282 වන ආදර්ශ ගම්මානය අද පුත්තලමේදී ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
නවගත්තේගම අමුණුවැව ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම ගම්මානය නම් කර ඇත්තේ රන්මිණිපුර ලෙස ය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ එම ගම්මානය විවෘත කළ අතර, එහි නිවාස 42 ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 525කි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුලු මහජන නියෝජිතයින් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.