බහමාස් රාජ්‍යයට තව ත් සුළි කුණාටුවක්...

ඩෝරියාන්වලින් පසු බහමාස් රාජ්‍යයට තව ත් සුළි කුණාටු අවදානමක්

by Staff writer 14-09-2019 | 7:42 AM

News 1st - බහමාස් රාජ්‍යයට තව ත් සුළි කුණාටුවක් ළඟා වෙමින් තිබේ.

ඒ සති දෙකකට පෙර බලපෑ ඩෝරියාන් සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 50 ට අධික පිරිසක් මිය යාමෙන් අනතුරුවයි. නව කුණාටුවේ බලපෑමෙන් බහමාස් රාජ්‍යයේ බොහෝ ප්‍රදේශවලට අධික වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් වාර්තා අනාවරණ කළේ, ඉදිරි පැය කිහිපය තුළත් මිලිමීටර් 100 ක පමණ තද වර්ශාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි. ඩෝරියාන් සුළි කුණාටුවෙන් පුද්ගලයින් 1300 ක් අතුරුදන් වූ අතර තව ත් 15,000 ක් පමණ අවතැන් වී සිටිති. නව සුළිකුණාටුව ළඟාවත්ම අවතැන් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා මතුව ඇතැයි බහමාස් බලධාරීන් ප්‍රකාශ කරති.