ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-09-2019 | 6:18 AM

දේශීය පුවත්

1. සජිත් ජනපති අපේක්ෂකයා විය යුතුයි..! – මනෝ ගනේෂන්ගෙන් ප්‍රකාශයක්: ජනාධිතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා තරග කළ යුතු බව මනෝ ගනේෂන් ඇමතිවරයා අවධාරණය කරයි. 2. ජයගත හැකිනම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා, බැරිනම් පිටවී යනවා – අගමැති: එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට සමීප පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා සාකච්ඡා කර තිබේ. 3. ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රමාද ඇයි ?: ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදය ගැන නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මොරටුවේදී ප්‍රශ්න කර තිබේ. 4. මහපොළ අක්‍රමිකතා ගැන කේ.ශ්‍රීපවන්ගෙන් සාක්ෂි විමසයි: මහපොළ භාරකාර අරමුදලට අයත්ව තිබූ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) බදු දීමට අදාළ ගිවිසුම් ව්‍යාජ ගිවිසුම් බවත්, තමන් ඊට විරුද්ධ වූ බවත් හිටපු අගවිනිසුරු කේ ශ්‍රී.පවන් මහතා සඳහන් කර තිබේ.

විදෙස් පුවත්

5. මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම්: මලයාසියාවේ ප්‍රදේශ රැසකට වායු දූෂණය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.